Notifications
Clear all

Lag

5 Posts
5 Users
0 Reactions
233 Views
0
Topic starter

මගේ computer එකේ තියෙන්නේ windows 10 pro 2015 එකේ game ටික වෙලාවක් game play කරද්දී ස්ලෝ වෙන්න ගන්නවනේ හැබැයි එකපාරටම හොදට වැඩ කරන්න ගන්නවා එහෙම වෙන්නේ ඇයි? 

5 Answers
0

සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. ඔයාගේ PC එක Normal එකේ මුළ ටිකේ Game එක Run වෙනවා ඇති, පස්සේ Overheat වීමක් වගේ වෙලා Performance අඩු වෙනකොට Lag වෙනවා ඇති. ඉතින් ඔයා Game එකක් ගහද්දි temperature  level (විශේෂයෙන් VGA එකේ හා CPU එකේ) එක බලන්න 90+ Celsius වගේ යනව නම් Slow වෙන්න Lag වෙන්න පුළුවන්, ඒත් ඒක Processor එක VGA එක අනුව වෙනස් වෙනවා.  Temperature එක බලාගන්න ඔයාට MSI Afterburner වගේ Software එකකින් පුළුවන්. මේ Video එක බලන්න MSI Afterburner එක ගැන දැනගන්න.......,

https://www.youtube.com/watch?v=-5SZCLKdgOQ

0
Topic starter

Processor එකේ  temperature  එක 60c  වගේ තියෙන්නේ මම vga එකක් නම් ගහල නෑ on board graphics වලින් play කරන්නේ 

0

ගේම් එකක් ප්ලේ කරද්දි නම් Temp 60c වගේ තියෙන්න අමාරුයි.(හොද Air,Liquid Cooler එකක් නැත්නම්).

ඔයාගෙ Onboard Graphic Cores රන් වෙන නිසා තවත් Temp එක වැඩි වෙනවා.

@sanithu-udawaththa කිව්ව වගේ MSI Afterburner දාල ගේම් එක ලැග් වෙන වෙලාවට Temp එක චෙක් කරන්න.මේකට ඩෙස්ක්ටොප් එකට යන්න අවශ්‍ය නැහැ.Screen එකේම ගේම් එක රන් වෙන ගමන් ඔක්කොම විස්තර පෙන්නනව.

ඔයාගෙ ප්‍රොසෙසර් එක මොකක්ද?

0

overheating, power, ram,  වගේ ප්‍ර්‍රශ්න වෙන්න පුලුවන් උඩ අය කියල තියෙන දේ කරන්න කරල බලන්න temperature කොහොමද කියල. ඒත් ඔයා onboard ගහන්වනම් ඒ විදිහට slow වෙන්න පුලුවන් මොකද games වල intensity එක තීරනය වෙනව ඒ වෙලාවෙ ඒ game එකේ තියෙන පරිසරය අනුව. ඒ කියන්නෙ යම්කිසි වෙලාවක ගොඩක් වස්තුන් එහෙ මෙහෙ යනවනම් ඉක්ම්න්ට වෙනස් වෙනවනම් ඒක කරන්න ගොඩක් power එකක් ඕනෙ ඉතින් ඒ වගේ වෙලාවට game එකේ fps drop වෙනව ඒ කියන්නෙ slow වෙනව ඒත් සමහර වෙලාවට ගොඩක් ඒව ඔනෙ නෑ normal smooth යනවනම් ඉක්මන්ට දේවල් වෙනස් වෙන්නෙ නැත්නම් ඒ වගේ වෙලාවට ප්‍රශ්නයක් නෑ. හොදට වැඩ කරනව. මොන වගේ games වලදිද ඔහොම වෙන්නෙ

0

මටත් ඔය අවුල තියනවා මාත් ඔන් බෝඅර්ඩ් graphics බාවිතා කරන්නේ i7 3770 processor එක gta v ගහන්නේ

 

 

 

 

Share: