Intel ram support ක...
 
Notifications
Clear all

Intel ram support කරන එක ගැන

1 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

i5 10400f එකක් එක්ක ram එක overclock කරන්න පුලුවන්ද?...ඒ කියන්නෙනෙ 3200 MHz ram එකක full performance ගන්න පුලුවන්ද?....නැත්තම් ඒකට k series cpu එකක්ම ඕනෙද?...b460 එකෙන් overclock කරන්න පුලුවන්ද?

1 Answer
0

Intel වල දැනට ram speed support කරන විදිහ සංකීර්ණයි.

උපරිම supported ram speed එක තීරණය වෙන්නේ motherboard සහ cpu දෙකම මත.

H410, B460, H470 වගේ motherboards වල උපරිම support කරන්නේ ඒ cpu එකට intel website එකේ ගහලා තියෙන ram speed එක. (i3, i5 වලට 2666mhz / i7, i9 වලට 2933mhz). මේ motherboards වල overclock කරණත් බැහැ.

හැබැයි Z490 motherboards එකට දැම්මොත් ඕනිම CPU එකකට ඊට වඩා වැඩි ram speeds වලට යන්න පුළුවන්. හැබැයි CPU overclocking කරන්න නම් K-series cpu එකක් ඕනි.

Share: