Notifications
Clear all

Intel or AMD

14 Posts
3 Users
0 Reactions
212 Views
0
Topic starter

Intel core i3 9100F හෝ AMD ryzen3 3200G දෙකෙන් වඩාත් හොඳ මොකක්ද ?

සාමාන්‍යයෙන් database වගේ run කරන machine එකක් assemble කර ගද්දි පාවිච්චි කරන්න හොඳ processor එක මොකක්ද මේ දෙකෙන්???

14 Answers
0

මේ computer එකේ gaming, video editing, 3d modeling වගේ graphic card එකක් අවශ්‍ය වෙන වැඩ කරන්නෙ නැත්තං, database වගේ වැඩ වලට built-in graphics එන cpu එකක් හොඳටම ප්‍රමාණවත්.

Intel ලගේ F අකුර එන cpu වල built-in Intel UHD graphics එන්නෙ නැ. AMD ලගේ G අකුර එන cpu වල විතරයි built-in Vega graphics එන්නෙ.

එ නිසා i3 9100F එක භාවිතා කරන්න බැ, i3 9100 එක පාවිච්චි කරන්න ඔනි.

i3 9100 vs ryzen 3200G බැලුවොත්, CPU performance අතින් දෙකම ගොඩක් සමානයි, හැබැයි intel එක rs.5000 ගාන වැඩි. එ නිසා මං නිර්දේශ කරන්නෙ AMD ryzen 3200G එක ගන්න එක.

0
Topic starter

AMD ryzen 3200G එකට match වෙන motherboard එකකුත් කියන්නකො,සාමාන්‍යයෙන් රු15000ට අඩු එකක්,

0

මට කෙලින්ම එක motherboard එකක් recommend කරන්න බැ, ඔයා ලංකාවේ shops වල stocks තියෙන motherboard පොඩ්ඩක් බලන්න.

Rs.15,000ට අඩුවෙන් නම් A320 motherboard විතරයි තියෙන්නේ, මෙවල ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා

  • මෙවල overclocking support නැ, I/O ports අඩුයි, RAM slots දෙකයි, build quality එක අඩුයි
  • සමහර a320 motherboards අලුත්ම 3rd gen ryzen 3200G support කරන්නේ නැ, එ නිසා හරියට හොයලා 3rd gen ryzen support කරන bios update එකක් තියෙන a320 motherboard එකක් තොරගන්න ඔනි.

හැබැයි ඔයා මේ computer එක database එකක් run කරන්න විතරයි නම් අර features වැඩිය වැදගත් නැනේ, එතනදී A320 ගියාට අවුලක් නැ.

ඊට වඩා චුට්ටක් වියදම් කරලා b450 motherboard එකක් ගන්න පුලුවන්ම හොදයි, මෙවල

  • overclocking supported, හොඳ I/O ප්‍රමාණයක් තියෙනවා, RAM slots 4ක් දක්වා තියෙනවා, build quality හොදයි
  • මේ motherboard ඔකොටම වගේ 3rd gen ryzen support කරන bios updates තියෙනවා

ඔයා මෙක personal පාවිච්චියට සහ gaming වගේ අනිත් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන් B450 motherboard එකක් ගන්න බලන්න.

මේ අනුව motherboard ටිකක් බලලා forum එකේ දාන්න, මං එකක් තොරගන්න උදවු කරන්නම්.

 

0
Topic starter

අයියේ motherboard ටිකක් බැලුවා,මේවයින් හොඳ මොකක්ද කියන්නකො..

1.Asus Tuf B450-plus gaming (rs 25000/=)

2.Asus prime B450-plus (rs 21000/=)

3.MSI B450M pro-M2 max (rs 16000/=)

4.MSI B450 Gaming plus max (rs 19500/=)

5.Gigabyte B450M - DS3H (rs 17000/=)

6.Gigabyte B450M - S2H (rs 14500/=)

මේවයින් ගන්න හොඳ board එක මොකක්ද ?budget එකක් උනා නම් ගොඩක් හොඳයි.

B450, B450M motherboard වල වෙනස මොකක්ද ?

මගේ build එකට Gigabyte B450M board eka match වෙයිද?

0

මේ අතරින් Gigabyte B450M - DS3H motherboard එක හොඳයි. මෙකේ price එකත් ටිකක් අඩුයි හැබැයි අවශ්‍ය කරන features ඔකොම වගේ තියෙනවා (4 RAM slots, 16x pcie slots දෙකක්, m.2 support...)

මීට වඩා අඩුවට තියෙන Gigabytes B450 - S2H සහ MSI B450M pro-M2 max දෙකේම RAM slot 2ක් පමනයි තියෙන්නේ සහ 16x pcie slots එකයි තියෙන්නේ.

එ නිසා ඔයාට budget option එකක් ඔනි නිසා මං recommend කරන්නේ Gigabyte B450M - DS3H motherboard එක. මෙකේ ඉදිරියට computer එකේ cpu,gpu, pcie cards upgrade කරන්න ලෙසී.

මෙක 3rd gen ryzen (3200G) support කරවා, හැබැයි අලුත්ම bios එකට update කරන්න ඔනි. ඔයා motherboard එක ගන්න shop එකට කියලා bios එක update කරලාම ගන්න.

0
Topic starter

දැන් අහන්න තියෙන්නෙ power supply එක ගැන ,

AMD ryzen3 3200G processor  ,Gigabyte B450M DS3H motherboard ,

මේ combination එකට හරි යන්නෙ වොට් කීයක වගේ power suply එකක්ද අයියේ ..

සාමාන්‍යයෙන් හොඳ brandඑකකුත් කියන්නකො...

0

මම හිතනව ඔයා 3200G එක තෝරගන්න ඇත්තෙ gpu එකක් දන්නෙ නෑ කියන අදහසින් කියල.

 

  1. ඔයාගෙ parts වල විස්තර දැම්මම මේ link එකේ site එකට එයාල wattage එකයි recommended psu එකයි කියයි ඒ වගේම අනාගතේදි gpu එකක් use කරන්න බලන් ඉන්නවනම් අනිවාර්‍යෙන් ඒකත් සදහන් කරලම ගන්න. තව දෙයක් psu ගනිද්දි එකේ gold, browns වගේ තියෙන එකක් ගන්න බලන්න ඒවල efficiency එක වැඩී එතකොට power consumption එක අඩුයි, 2nd hand use කරන්න එපා. සාමන්‍යෙන් cooler master, corsair, හෝ ඒ වගේ brand name එක හොද එකක් ගන්න.
  2. ඔයා AMD APU එකක් use කරන නිසා අනිවාර්‍ය්යෙන් 3000MHz හෝ ඊට වැඩි ram kit එකක් ගන්න බලන්න ඒ කියන්නෙ 8GB රැම් දෙකක්වත් මොකද gpu එකේ vram එකට බාවිතා කරන්නෙ normal ram එක නිසා දැනට budget එක නැත්නම් දැනට එකක් අරගෙන 8gb පස්සෙ upgrade කරගන්න තව 8Gb වලින්. ඒත් ඔයා 8gb නම් දාන්න බලපොරොත්තු වෙන්නෙ එහෙනම් එක 8gb එකක් දානවට වඩා 4gb දෙකක් dual-channel කරල දැම්මම performance වැඩී.
  3. @gadgets කියන board එකට යන්න. තව 128gb වත් අවම වශයෙන් m.2 ssd එකක් ගන්න. සාමායෙන් nvme එකකට යනවනම් සැලකිය යුතු improvement එකක් තියෙනව ඒත් ඒව ටිකක් ගනන් ඒක නිසා sata m.2 එකකට වත් යන්න බලන්න
0
Topic starter

මේ machine එකෙ gaming මුකුත්ම කරන්නෙ නෑ අයියේ ,සාමාන්‍ය ටිකක් ලොකු database system එකක් run කරන්න හදන්නෙ,ඒ නිසා gpu එකකට යන්නෙ නැතුව ඉන්න බැලුවෙ.

Ram eka cossair lpx 2666Mhz 4gb kit 2k දාන්න plan කරන් ඉන්නෙ,මම power suply එක විදියට select කරේ Corsair VS Series™ VS550 550W - POWER SUPPLY, UPS & SURGE PROTECTORS එක ,power suply eka වෙනස්  වෙන්න ඕනිද

දැනට ssd එකකට යන්න budget එක මදි..ඒ නිසා 1TB hard disk එකක් දානව අයියේ .

 

0

කී දෙනෙක් වගේ parallel use කරනවද? . මොකෙන්ද හදන්නෙ?

 

0
Topic starter

NLB eke database system ekak,2k wage use karanne

0

මොකල්ද use කරන්න හිතන development software එක ? මොන වගේ එකක්ද ගහන්නෙ මොකද සමහර ඒවල files system එකට ecc memory කියල special type server ram එයාල recommend කරන්නෙ නැත්නම් ඒව හදිස්සියෙවත් down උනොත් accidentally data recover කරගන්න බැරිවෙන්නම currupt වෙනව. Spcially nas එකක් විදිහට database එකක් ගහන්ව නම්

0
Topic starter

Microsoft access database ekak thiyenne

0

එහෙනම් එච්චර අව්ලක් නෑ. ඒ වගේම SSD එකක් දගන්න caching purposes වලට විශේශ්‍යෙන් database server එකක් නිසා  2 දෙන්නක් use කරන නිසා විශෙශයෙන් caching වලට SSD එකක් තිබ්බොත් නම් හොදයි. මොකද නැත්නම් response time එක සැලකිය යුතු ලෙස අඩු වෙනව. budget එක ප්‍රශ්නයක් නම් ram එක 4gb දෙකක් ගහන්න

0
Topic starter

AMD ryzen3 3200G processor

Gigabyte B450M DS3H motherboard

240Gb ssd

1Tb HDD

4Gb *2 ram stick

මේ combination එක හොඳයිද?(sspecially red color ewa)

Ram eke hz කීයක් විතර wenana onida

Share: