Intel i5 9600k proc...
 
Notifications
Clear all

Intel i5 9600k processer එක Overclock කරගන්න

2 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

මගෙ Processer එක i5 9600k 3.7 Ghz එකක් මට මේක 4.0 Ghz වලට Overclock කරගන්න ඕන..

මගෙ Motherboard එක Asus rog strix Z390-f එකක් 32GB RAM

Overclock කරන එක හොඳද Pc එකේ කල්පැවැත්ම performance වැඩි වෙන්වද

මට ඒ ටික දැන ගන්න ඕන

මගෙ Cooler එක Cooler Master Hyper 212X එකක් ඒක ඇති වෙයිද

2 Answers
0

ඉස්සෙල්ලාම 9600K එක ගැන පොඩි විස්තරයක් කියන්න ඔනි,

එකෙ base clock එක 3.7ghz සහ single core turbo speed එක 4.6 ghz. ඔකොම cores වැඩ කරද්දී all core turbo එක 4.3ghz.

හරියට overclock කරොත් cpu එකෙ කල්පැවැත්මට ලොකු හානියක් වෙන්නේ නැ. Overclock කරලා performance වැඩි කරගන්න පුලුවන්, එ එක්කම cpu එකෙන් පාවිච්චි කරන විදුලි ප්‍රමාණය සහ නිකුත්කරන තාපය(heat) වැඩි වෙනවා.

ඔයාට overclock කරනවාට වඩා ලෙසි වැඩක් තමයි asus motherboard එකෙ bios එකට ගිහිල්ලා multicore enhancement enable කරන එක. එතකොට වෙන්නේ single core එකක් 4.6ghz යනවා වෙනුවට core ඔකොම(all core) 4.6ghz යනවා. එ කියන්නේ all core turbo එක 0.3ghz වලින් වැඩි වෙනවා. එතකොට ඔයාට සාමාන්‍ හොඳ performance improvement එකක් හම්බෙනවා multicore workloads වල. මෙක ගොඩක් වෙලාවට hyper 212x එකට දරාගන්න පුලුවන්.

අනිවාර්යයෙන් මෙක enable කරාට පස්සෙ cpu stress test එකක් run කරලා msi afterburner වෙගෙ software එකකින් ඔයාගෙ cpu එකෙ temperature බලන්න. 90c වගෙ යනවා නම් multicore enhancement පාවිච්චි කරන්න එපා.

ඔයාට 4.6ghz වලට වඩා යන්න ඔනිනම් තමයි manually  overclock කරන්න වෙන්නේ. මෙහෙම කරද්දී හොඳ tutorial එකක් බලාගෙන manually voltage, core multiplyer adjust කරන ගමන් thermal සහ stability testing කරන්න ඔනි. මෙක හොඳට තෙරුන් ඇරං පොඩක් මහන්සි වෙලා කරන්න ඔනි වැඩක්.

ඔයාගෙ motherboard එක නම් හොදයි overclocking වලට හැබැයි hyper 212x cooler එකනම් මදි. තව overclock වලට powersupply එකත් බලපානවා, overclock කරාම cpu එකෙන් වැඩි පුර විදුලිබලය ගන්න නිසා හොඳ powersupply එකකුත් ඔනි.

ඔයාට පොඩි overclock එකක් ගන්න පුලුවන් වෙයි hyper 212x එකෙන්. ඔයාට 5.1ghz වගෙ overclock එකක් ඔනිනම් අනිවාර්යයෙන් AIO liquid cooler එකක් හො හොඳ ලොකු air cooler එකක් ඔනි වෙයි. මට මෙ overclocks අගයන් 100% හරියට කියන්න බැ, හැම cpu එකක්ම එක වගෙ  overclock වෙන්නෙ නැති නිසා ඔයාටම  තමයි ඔයාගෙ 9600k එක overclock කරලා බලාගන්න වෙන්නේ එක overclock වෙන තරම.

*overclocking හො multicore enchantment enable කරද්දී ඔයාගෙ pc damage වෙන්න risk එකක් තියෙනවා, එ risk එක තෙරුන් ඇරං මෙවා කරලා බලන්න.

0
Topic starter

Thanx brother

Share: