Different Rams
 
Notifications
Clear all

Different Rams

4 Posts
3 Users
0 Reactions
125 Views
0
Topic starter

ලගකදි upgrade කරා pc එක.මගේ තිබ්බේ 2666ghz 8gb ram එකක්.2666ghz දැන් හොයාගන්න නැති නිසාත් shop එකෙන් bus speed වෙනස් උනාට අවුලක් නෑ කිව්ව නිසාත් 3200ghz 8gb ram එකක් දැම්මා.ඊට පස්සේ මගේ ගේම්ස් ඔක්කොම crash වෙන්න් ගත්තා.එක රැම් එකකින් play කරනකොට අවුලක් නෑ.තාම සතියයි upgrade කරලා.මට ram දෙකම use කරන්න විදිහක් නැද්ද?motheboard එකෙන් අඩු bus speed තියෙන ram speed එකට දෙකම set කරගන්නේ නැතිද?

4 Answers
0

වෙනස් ram speed ගැහුවම motherboard එකෙන් ram සියල්ලම අඩුම speed ram එකට ගැලපෙන automatically අඩු කරනවා. හැබැයි එකම ram speed වැඩ කරත් ram brands, model මිශ්ර කරාම සමහර විට මෙහෙම ප්‍රශ්න එනවා.

ඒ නිසයි පුළුවන් සෑම විටම එකම brand, model වලින් ram ගන්න නිර්දේශ කරන්නේ. ඔයාට ලැබිලා තියෙන 3200mhz ram එක වෙනත් එකකට මාරු කරන්න වෙයි හෝ 2666mh ram විකුණලා 3200mhz ram model එකෙන්ම අලුත් එකක් ගන්න බලන්න.

0

මටත් දැන ගන්න දෙයක් තියෙනව මෙ සම්බන්ධයෙන්..

මගෙ තිබ්බෙ hyper x 3200mhz 8gb ram එකක්, stocks තිබ්බෙ නැති නිසා upgrade කරද්දී ගන්න උනේ corsair vengeance 3200mhz 8gb ram එකක්..motherboard ඒකෙ DRAM status වල පෙන්නන්නේ එකක් 2600 ගාණක් අනික් එක 2133 ගාණක්.. පස්සෙ AI tweaker හරහා ගිහින් D.O.C.P හරි D.C.O.P hari දාල 3200mhz වලට set කළ..ඒත් DRAM STATUS අර විදිහටමයි පෙන්නන්නේ හැබැයි task manager ඒකෙ 3200mhz පෙන්නනව..ඇයි ඒ??

ඒක performence වලටත් effect වෙනවාද ??

0

@judith

CPU Z install කරලා memory tab එකෙන් dram frequency බලන්න. එකෙන් හරියටම ram speed බලන්න පුළුවන්.

https://www.cpuid.com/softwares/cpu-z.html

එතනදි dram frequency 1600MHz වලට ගොඩක් ආසන්න අගයක් නම් තියෙන්නේ ram දෙකම 3200MHz වලින් නිවැරැදිව වැඩ කරනවා.

D.O.C.P enable කරලා ram උපරිම speed වැඩ කරද්දි cpu performance ටික වැඩි වෙනවා, ඒ නිසා එක හොඳ දෙයක්.

0

Okay noted brother..thanks alot for your time..

Share: