Notifications
Clear all

CPU & RAM

2 Posts
2 Users
0 Reactions
278 Views
0
Topic starter

පද්ධති මතකය පිරිවිතර කිරීම (System Memory Specification)යටතේ 3200 MHz සඳහා සහය දක්වන AMD Ryzen 9 3900X ප්‍රොසෙසරය අඩංගු පරිගණක පද්ධතියක  DDR4 16GB RAM මතකයක් පවතී.එම DDR4 16GB RAM මතකය සැකසී ඇත්තේ 3600 MHz ක උපරිම Ram Speed එකකට සහාය දක්වන DDR4 (2×8GB) RAM Kit එකකිනි.මෙහෙයුම් පද්ධතිය තුළ මෙම Ram කිට් එකේ Default Ram Speed එක 2666 MHz ක් වේ.BIOS Setting වල XMP Profile යටතේ මෙහෙයුම් පද්ධතියේ Ram Speed එක 3600 MHz ක් දක්වා Overclock කරගත හැකිය.
එම නිසා මෙම 3600MHz ක Ram Speed එක 3200 MHz Ram Speed එකක් සඳහා සහය දක්වන AMD Ryzen 9 3900X ප්‍රොසෙසරය අඩංගු පරිගණක පද්ධතියක් තුල භාවිතා කිරීම සුදුසුද ???
මෙමගින් පරිගණකයේ සුමට ධාවනයට(Smooth Running)බාධාවක් ඇති කරයි ද???
මෙහෙයුම් පද්ධතියේ ධාවනය ප්‍රශස්ත වන්නේ ප්‍රොසෙසරය සහය දක්වන 3200 MHz ක Ram Speed එකකටද???
ඒ සඳහා 3600MHz වෙනුවට 3200 MHz ක උපරිම Ram Speed එකකට සහාය දක්වන DDR4 (2×8GB) RAM Kit එකක් භාවිතා කළ යුතුද ???

2 Answers
0

ඒ cpu එකට 3200mhz වලට වැඩි speed ram භාවිතා කරන්න පුලුවන්. ඒ නිසා XMP enable කරලා 3600mhz speed එකෙන් භාවිතා කිරීම ප්‍රශ්නයක් නැහැ වැඩිපුර performance ලැබෙන නිසා හැබැයි ඔයාට windows crash වෙනවා හෝ වෙනත් ප්‍රශ්න ලැබෙනවා නම් ram speed අඩු කරලා බලන්න.

 

0
Topic starter

ඔබට බොහොම ස්තූතියි.

Share: