CPU & Motherboard U...
 
Notifications
Clear all

CPU & Motherboard Upgrade

1 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

මම දැනට i5 2nd gen PC එකක් 1333mhz රැම් ස්පීඩ් එකක් එක්ක පාවිච්චි කරන්නෙ. ඒක මට අප්ග්‍රේඩ් කරගන්න ඕනෙ i5 6th gen වගේ එකකට හෝ Ryzen 3 3100 වගේ ප්‍රොසෙසරේකට. එතනදි GTX 750 Ti 2GB එකකුත් අනෙක් අවශ්‍ය දේවලුත් දැනට තියනව. මම අප්ග්‍රේඩ් කරද්දි MSI h110 මදබෝඩ් එකක් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ. මට මේ කරන වැඩේ ගැන හරියටම පැහැදිළිව දැනගන්න ඕනෙ H110 - DDR4 / DDR3 ද කියනෙක වගේම අප්ග්‍රේඩ් එකෙන් පස්සෙ වින්ඩෝව්ස් රී ඉන්ස්ටෝල් කරන්න ඕනෙද? ඒ වගේම මට බජට් එක තියාගන්න පුලුවන් වෙනත් මදබෝඩ් තියනව ද කියන එකත් දැනගන්න ඕනෙ. 4th gen and 6th gen වලදි 2nd gen එක්ක බලද්දි ලොකු වෙනසක් තියනවද?

1 Answer
0

i5 6th gen PC එකට යනවනම් ඔයාට H110 motherboard එක use කරන්න පුලුවන්. H110 Motherboards DDR3/ 4 දෙකෙන්ම එනව. DDR4 Motherboard එකකට යන්න පුලුවන්නම් වඩා හොදයි. ( නමුත් මිල ගනන් වෙනස් වෙන්න පුලුවන් ).  H110 තමා 6th/7th gen support කරන Intel මිල/ features අඩුම motherboard එක. ඒක නිසා Motherboard එක පැත්තෙන් Budget friendly ම option එක මේක තමා. Mothrboard options අනුව , ඔයා ගන්න Model එක අනුව price adjust කරගන්න පුලුවන්.
( Ryzen 3100 යනවනම්  A320, B450 Motherboards budget friendly )

ඔයාගේ OLD Hard එකේ/ SSD එකේ Windows තියනවනම් බොහෝ දුරට ඒකෙන්ම Windows boot වෙන්න පුලුවන්. හැබැයි මම recommend කරනවා pen drive එකකට windows boot කරගෙන අලුතින්ම fresh install එකක් කරන්න.ඒක ගොඩක් හොදයි.සරල steps කීපයක් තියෙන්නේ. "Youtube එකෙ බලන්න How to create bootable usb windows 10" කියලා

( මේක මගේ personal suggestion එකක්. i5 6th gen Warranty නැති ගොඩක් use කරපු අවුරුදු ගානක් පරණ cpu එකකට යනවට වඩා ඔයාට ලගදි ආපු i3 9100f, i3 10100f වගේ CPU එකකට යන්න පුලුවන්නම් අලුත් processor එකකට යන්නත් පුලුවන්. ( Windows 11 support එකත් අවශ්‍ය නම් තියනවා ). ඒ වගේම performance තුත් වැඩියි , Warranty පවා ඉතිරිවෙලා තියන එකක් ගන්න පුලුවන් 2nd hand market එකේ පොඩ්ඩක් හොයල බැලුවොත්. CPU එකේ price එකත් එක්ක බලද්දි i3 9100f එහෙම i5 6th gen එකට වඩා හොද තේරිමක් )

Share: