Notifications
Clear all

B450

6 Posts
2 Users
0 Reactions
270 Views
0
Topic starter

අයියේ මගේ දැනට තියෙන්නේ B450 Gaming Plus MAX මදර්බෝඩ් එකක්. ඕකට BIOS Update කරලා  රයිසන් 7 5800X එකක් දැම්මොත් වැඩ කරයිද ? MSI වෙබ් සයිට් එකේනම් කියනවා 5000 Series සපෝට් කරනවා කියලා අලුත් BIOS Update එකට.

Nanotek එකේ හරි ලංකාවේ කවුරු හරි එහෙම කරලා වැඩ කරලා තියෙනවා නම් කියන්නකෝ.

6 Answers
0

MSI official site එකේ තියෙන නිසා මේක ආණිවරෙන් support කරනවා, හැබැයි මේ motherboard එකටම මේ cpu bios එක කරපු ලංකාවේ කරපු කෙනෙක් හොයාගන්න අමාරු වෙයි.

0
Topic starter
  1. Thanks අයියේ. Ryzen 5000 එකකට Infinity Fabric එක 2000MHz රන් කරන්න පුලුවන් වෙයිද? නැත්නම් 3600MHz CL16 එකක් අරගෙන Timing හදලා CL14ට වගේ අඩු කරගන්න බලන්නද.
  2. 5800X එකක් B450 එකක් එක්ක දැම්මාට අවුලක් නැද්ද? Power Delivery ප්‍රශ්න එහෙම එයි ද?
  3. 5000 සීරිස් එකට බයෝස් අප්ඩේට් එක කරාට පස්සේ 2000/3000 සිරීස් එකේ ඒවා සපෝට් කරන්නේ නැති වෙන්න පුලුවන්ද ?
0

Overclock එකක් වැඩ කරයි ද කියලා කලින් කියන්න අමාරුයි, අදාල hardware එක overclocking කරලාම බලන්න ඕනි වැඩ ද කියලා.

මම බලලා තියෙන benchmarks වල 3600mhz CL16/14 (1800mhz infinty) vs 4000mhz CL 16/18 (2000mhz infinity) අතර 1-3% වගේ වෙනසක් තියෙන්නේ. එක ගොඩක් පොඩි වෙනසක් නිසා infinity fabric overclocking මහන්සිය සහ 4000mhz ram වලට වැඩිපුර වියදම් කිරීම වටින්නේ නැහැ. ඒ වෙනුවට හොඳ 3600mhz ram kit එකක් මිලදී ගන්න.

0
Topic starter

තැන්කූ අයියේ.....

දැනට බය තියෙන්නේ බයෝස් අප්ඩේට් කරන්න ගිහින් අන්තිමට තියෙන එකයි අලුත් එකයි දෙකම වැඩ නැතිවෙයිද කියලා.

0

BIOS update කිරීමේදි ඒ පොඩි අවදානමක් කොහොමත් තියෙනවා. Update කරනකොට ups එකක් භාවිතා කරන්න විදුලි විසන්ධි වීමක් වළක්වා ගන්න.

0
Topic starter

තැන්කූ අයියේ

Share: