ASUS PRIME B550M-a ...
 
Notifications
Clear all

ASUS PRIME B550M-a (WI-FI) RAM Frequency Issue!

0 Posts
1 Users
0 Reactions
138 Views
0
Topic starter

මම Build කරේ Ryzen build එකක් ලගදි. ටික කාලෙකට පස්සෙ තමයි RAM upgrade එක්කට යන්න පුලුවන් වුනේ. මම Build කරපු දවස් වල Use කරේ, normal Samsung 2666Mhz 8GB RAM එකක්. ටිකක් කල් ගිහිල්ල, ඒ කියන්නෙ මේ ලගදි තමයි මට RAM එකක් ගන්න පුලුවන් උනේ. ගත්තෙ Corsair Vengeance LPX 3200Mhz 16GB (Single Stick) RAM එකක්. පස්සෙ තව 16GB RAM එකක්ම ඒ variant එකෙම්ම ගහගන්න ඕනෙ නිසයි Single Stick වලට ගියේ.

RAM එක ඇවිල්ල මම PC එකේ RAM එක සෙට් කරල, BIOS වලට ගිහිල්ල DOCP on කරා. Default 3200Mhz Speed එක select උනා. එහෙම්මම Apply කරල Save and Reset දුන්නා මම. Machine එක on වෙන්නෙ නෑ එතකොට. දෙපාරක් loop වෙලා error එකක් එනව BIOS වල Settings ආයෙත් හදන්න කියල. ඉතින් මම DOCP on එකේ තියෙද්දිම Manually RAM speed auto තිබ්බ එක --> 3000Mhz වලට change කරා. එතකොට නම් අව්ලක් නැතුව boot වෙනව. පස්සෙ මම 3066Mhz වලටත් දාල බැලුවා. ඒත් අව්ලක් නෑ. ඊට වඩා යන්න බෑ. අර ලෙඩේම එනවා ආයෙත්. මොනවත් කරන්න දෙයක් තියෙනවද මට full speed එක ගන්න.

System Specifications:

  • ASUS PRIME B550M-a (WI-FI)
  • Ryzen 3 3300x (no O.C.)
  • RX 580 8GB (ASUS ROG STRIX) (no O.C.)
  • Corsair Vengeance LPX 16GB 3200Mhz RAM x1
  • Antec B550 500W Power Supply.
Share: