3D Rendering වලට Wo...
 
Notifications
Clear all

3D Rendering වලට Workstation එකක්?

3 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

හායි

මම බලාපොරොත්තු වෙනවා RYZEN CPU use කරල ා Workstation එකක් හදා ගන්න.

මුලින්ම කියන්න ඕනි Workstation එක ඕනි වෙන්නේ 3D Rendering වලට, එක නිසා cores/threads වෙඩි වෙන තරමට rendering time එක අඩු කර ගන්න පුළුවන්. ( More cores, less time )

1. CPU : AMD Ryzen Threadripper 1950X Processor ( 16C/32T )

2. RAM : 16GB or 32GB (g skill 8gb ddr4 RAM තම use කරන්න ඉන්නේ, මිට වඩා හොද solution එකක් තියනවනම් කියන්න )

3. HDD - System එක සහ software සදහා sdd එකක් use කරන්න idea එකක් තියනව. හොද විසදුමක් දෙන්න.

එහෙමත් නැතිනම් Samsung ලගේ nvme storage වලට යන එක හොදද? price කොහොම වෙයිද? ලංකාවෙන් ගන්න පුලුවන්ද?

4. Motherboard: 1950X Processor ගැලපෙන board එකක කියන්න, dual Processor use කරනන් පුළුවන් board එකක් නම් ගොඩක් හොදයි. මොකද එකෙන් පුළුවන් Threads 64ක් දක්වා වැඩිකර ගන්න.

මේ බෝර්ඩ් එක Ryzen Threadripper 1950X Processor එකට සෙට් වෙනවද බලන්න, මේක dual Processor board එකක් : https://www.youtube.com/watch?v=fLWjEMZlt_g&t=111s

5. power supply කොයි වගේ ගන්න වෙයිද?

6. VGA /GPU : 3D Rendering වලට GPU එකේ වැඩි බලපෑමක් නැ. නමුත් RT rendering (real-time rendering) එහෙමත් නැතිනම් GPU Rendering වලදී බලපානවා. නමුත් LUMION වගේ GPU Rendering software වලදී GPU කිහිපයක් බවිත කරලා rendering speed එක වැඩි කර ගන්න පුළුවන් වෙයි කියල මන් හිතනවා. එක නිසා GPU කිහිපයක් add කරන්න පුළුවන් motherboard එකක් නම් තවත් හොදයි.

3D Rendering වලට හොද මොන වගේ brand එකක්ද කියලත් කියන්න. 

7. ඒහෙමත් නැතිනම් amd naples 64 core server එකකට යන එක හොදයිද? link : https://www.youtube.com/watch?v=JIKiBOFzgUY

amd naples 3D Rendering වලට හොදයිද?

මට මේකේ price හොයා ගන්න නම් බැරි උනා. ලංකාවේ ගන්න තැනක් තියෙයිද?

මේක network හරහා ඕනිම PC එකකින් rendering කරන්න පුළුවන් විදියට හදන්න පුළුවන් වෙයි කියලයි මගේ අදහස.

8. මේ වගේ cores ප්‍රමාණයෙන් වැඩි Workstation එකක් හදන්න පුලුවන්ද? වියදම කොච්චරක් යයිද?

link1 :  https://www.youtube.com/watch?v=28Ahykf1gWk

link2 :  https://www.youtube.com/watch?v=XPXiITMpHGE

 

මම සැහෙන කාලයක් ඉදන් try කරනවා cores වැඩි Workstation එකකට යන්න. මට මේකට උදව් කරනන් පුලුවන්නම් ගොඩක් වටිනවා.

ස්තුතියි.

3 Answers
0

නුවන්,

උත්තරයක් දෙන්න ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ටිකක් විතර කාර්යබහුලයි.

ඔයා කියල තියෙන දේවල් අනුව ඔයාට මේ ගැන හොද දැනුමක් තියෙනව කියල තේරෙනව. සාමානයෙන් මේ වගේ build එකකදි දේවල් කීපයක්ම බලන්න ඕන.  එකක් තමයි තමන් කරන කාර්ය එක්ක හැමවෙලේම මේ වගේ Dual CPU 64 core system එකක් සහ ඒකට යන විදුලියට ගෙවන මුදල් එක්ක ඔයාට ලාබයක් තියෙනවද කියන එක.

ලොකු මුදලක් ලැබෙන හැමවෙලේම වැඩ තියෙන studio එකක් උනත් මේ වගේ high end තනි system එකකට මුදල් වැය කරන්නෙ නැහැ.

දැනට ලෝකයෙ හැම තැනම වගේ කරන්නෙ Rendering වගේ දේවල් Online ලබාගන්න පුලුවන් Render farm solution හරහා මුදලක් ගෙවල කරගන්න එක. මෙතනදි අපිට ඕන වෙලාවට මිලක් ගෙවල සේවාව ගන්න එකයි වෙන්නෙ.

Field එකේ ඉන්න කෙනෙක් විදිහට මේ දේ ඔයා දන්නව ඇති කියල හිතනව. ඒ නිසා මම පහත උත්තරේත් ලියන්නම්.

ඔයාගෙ අවශ්‍යතාවය rendering / Lumion නම් ඔයා කියපු විදිහට Threadripper එකක් තියෙන System එකකට යන්න. CPU 2ක් ඕන වෙන්නෙ නැහැ. ඒ වගේම Realtime preview වලට GTX 1070 - 1080 වගේ තනි card එකකට යන්න පුලුවන්.

සමහර විට shop එකකින් මේ විදිහට වැරදි තොරතුරු දුන්නද දන්නෙ නැහැ, හැබැයි Real time බලන්න ඕන උනාට Lumion software එක හරහා final out එක ගද්දි ඒක GTX 1050 එකකින් උනත් හොදට කරන්න පුලුවන්. මොකද මමත් මේක පාවිච්චි කරනව.

තව දැනගන්න දේවල් තියෙනවනම් කියන්න.

0
Topic starter

හායි ප්‍රියා.

ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි.

මුලින්ම කියන්න ඕනි shop එකකින් මේ විදිහට වැරදි තොරතුරු ලබාදීමක් උනේ නැ. මගේ අවශ්‍යතාවයත් එක්ක මන් හිතුව cores වැඩි CPU එකකට යන්න.

CPU 2ක් use කරන එක වියදම වැඩි තමයි මන් එකට එකගයි.

වැඩ වලින් ලැබෙන මුදලට වඩා මට අවශ්‍ය උනේ rendering වලට යන time එක අඩු කර ගන්න. මොකද test interior rendering (v-ray) ලොකු වෙලාවක් යන එක. time wast වෙන එක තම මට තියන ලොකුම ගැටලුව.

මම දැනට AMD Ryzen Threadripper 1950X Processor ( 16C/32T ) එකක් use කරලා build කරන PC එකකට quotation එකක් ගත්ත. මේ price එකත් එක්ක මේ වගේ PC එකකට යන එක හොදයිද? සහ මේ rig එකට තව එකතු වෙන්න ඕනි හෝ අඩුවෙන්න ඕනි දේවල් තියනවද?  (see attachment)

ස්තුතියි.

 

0

හරි. ඔයා මේ දාල තියෙන Config එක හොදයි. තනි CPU system එකකට යන්න. Graphic card එක 1070 එකක් උනත් කමක් නැහැ. 3D rendering වලට 6GB වගේ තිබුනම ඇති. 1080 ti එකකට ගියා කියල ලොකු performance increase එකක් නැහැ Real time Display එක smooth වෙනව ඇරෙන්න.

Cooler එකත් හොදයි. Rig එක හැදුවම කියන්න. අවශ්‍ය නම් Build එක කරල දෙන්නත් පුලුවන්. 🙂

Share: