පරිඝනකයේ දූවිලි බැද...
 
Notifications
Clear all

පරිඝනකයේ දූවිලි බැදී තිබීම අයහපත්ද ?

2 Posts
2 Users
0 Reactions
117 Views
0
Topic starter

මගෙ PC එකේ motherboard එකේ fan වල එහෙම දූවිලි රැදිල තියෙනව මගෙ computer 2k තියෙනව දෙකේම දූවිලි රැදිල තියෙනව එකෙන් මගෙ computer වල hardware වල ප්‍රශ්න ඇතිවිය හැකිද ? එක pc එකක් AMD Ryzen 3 3200G, B450 gaming plus max motherboard, අනිත් pc එක Core 2 Quad Q8400 2.66 GHz එකක්, සමාන්‍යන් AMDඑකේ temp.  එක 38C.... Core 2 Quad Q8400 2.66 GHz එක සමන්‍යන් 40C වගේ තමයි temperature එක යන්නෙ Casing fan නම් නෑ..... එහෙම තියෙන computer වල දූවිලි බැදිල තියෙන එක අවුල්ද ? temperature එකත් අවුල්ද ?

2 Answers
0

දූවිලි නිසා එකපාරටම computer එකට හානියක් වෙන්නේ නැ.

හැබැයි දූවිලි ගොඩක් තියෙනවා නම් fans සහ heatsink වල කාර්යක්ෂමතාවය අඩු වෙලා CPU සහ GPU temperature වැඩි වෙනවා. එක හොඳ දෙයක් නෙමෙයි.

මෙහෙම temperature වැඩි වෙද්දී fans වල speed එක auto වැඩි වෙනවා, එතකොට desktop එකේ නිපදවන සද්දේත‍් වැඩි වෙන්න පුළුවන්.

එ නිසා කාලෙන් කාලෙට Computer එකේ දූවිලි අයින් කරන එක හොඳ දෙයක්, ඔයා අනිවාර්යයෙන්ම ඔයාගෙ computers දෙකම සුද්ද කරන්න මේ දවස් ටිකේ ගෙදර ඉන්න එකේ.

Computer එකක CPU සහ graphic card temperature බලද්දී computer එක පාවිච්චි නොකර විනාඩි 15ක් විතර තියලා temperature බලන්න(idle temperature). ඉට පස්සෙ video render එකක්, high graphic game එකක් හෝ stress test එකක් විනාඩි 15ක් විතර run කරලා temperature බලන්න(load temperature).

මේ load සහ idle temperature දෙකම ගත්තට පස්සේ තමයි Computer එකක cooling ගැන හොඳ idea එකක් ගන්න පුළුවන්. මෙක මතක තියාගන්න temperatures බලද්දී.

0
Topic starter

Thanks............ මම එහෙම කරන්නම් එහෙනම් ගොඩක් ස්තුතියි............. සුභ අනාගතයක්..........

Share: