Notifications
Clear all

Vga card

8 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

Plzz help🙏 vga drives install කරනකොට pc එක restart වෙනව drives install වෙන්නෙ නෑ මේ දැනට ආපු අලුත්ම drives. පරන drives දැම්මම chek signal cable කියක වැටිල ටිකක් වෙලා ගියාම pc එක restart වෙනව. දිගටම restart වෙවී තියෙනව display එක එන්නෙ නෑ. ඊට පස්සෙ safe mod වලින් on කරාම pc එක ඔන් වෙනව. ඊටපස්සෙ device manager ගිහිල්ල vga drives uninstall කරාම pc එක on වෙනව😭😭😭😭 මොකක්ද මේ අවුල😭😭😭 එකපාරටම තමයි මෙහෙම වෙන්න ගත්තෙ දැන් අවුරුද්දක් විතර අවුලක් නැතුව games play කරා😞 vga card එක msi gtx760 2gb

8 Answers
0
Topic starter

😞

0

VGA එක මොකක්ද? ඔයාගේ PC එකේ තියෙන OS එක මොකක්ද? ඒ වගේම මෙච්චර කල් පාවිච්චි කරපු Driver එකද ලගදි Update කරන්න ගියේ?

0
Topic starter

Vga එක msi gtx760 2gb

Windows 10 pro 64bit

 

මම drives update කරන්න ගියේ නෑ. අවුරුද්ද විතර හොඳට ගේම් ගැහුව. මම අන්තිමට ගැහුවෙ nfs run ගේම් එක ඒක ගහ ගහ ඉන්නකොට එකපාරටම ගේම් එක stuck වුනා මුකුත් වැඩකරේ නෑ ඒක නිසා මම cpu එකේ restart button එකෙන් restart කරා ඊටපස්සෙ blue screen එකක් ආව ඒක නිසා මම pc එක reset කරා ඒත් pc එක on වුනේ නෑ blue screen ආව. ඊටපස්සෙ මම pc එක format කරා ඊටපස්සෙ pc එක හොඳට on වුනා. ඊට පස්සෙ අලුත් drives මගේ ලග තිබුනෙ නැති නිසා මම පරන drives වගයක් තිබිල install කරා ඒකත් හොඳට install වුනා. ඊටපස්සෙ විනාඩි 5 විතර ඉන්නකොට එකපාරටම monitor එකේ chek signal cable කියල වැටුන. ඊටපස්සෙ මම ආයෙ restart button එකෙන් restart කරා ඒත් chek signal cable කියල වැටිල තිබිල විනාඩියක් විතර ගිහින් auto restart වෙනව. ඔහොම දිගටම restart වෙවී තියෙනව ඊටපස්සෙ මම safe mod ගිහින් device manager ගිහිල්ල ඒකෙ display drives කියන එකට ගිහින් install වෙච්ච drives ටික uninstall කරා ඊටපස්සෙ pc එක restart කරාම හොඳට on වෙනව. ඊටපස්සෙ මම vga card එක ගලවගෙන ගිහින් මගේ යාලුවෙක්ගෙ pc එකකට ගහල drives ගහල බැලුව එතකොට හොඳට drives install වුනා මම එයාට ඒක එහෙම්ම තියාගන්න දීල මම එයාගෙ vga card එක ගෙනැල්ල මගේ එකට ගහල drives install කරා ඒක හොඳටම වැඩකරා මම ඒකෙන් දවසක් විතර ගේම් ගැහුව කිසි අවුලක් වුනේ නෑ එයාගෙ vga එක asus gtx750ti එකක එයාගේ vga card එකට power දෙන්න ඕනි නෑ හැබැයි මගේ card එකට power දෙන්න ඕනි. ඊට පහුවෙනිද මගේ යාලුව මට call එකක් දීල කිව්ව එයාගෙ pc එකත්  restart වෙනව කියල මම ඊටපස්සෙ ගිහින් බැලුව මගේ pc එකට vga එක ගහල තියෙද්දි වගේම එයාගෙ pc එකත් restart වෙවී තියෙනව.😞😞

0

බොහොම හොද Trouble shoot එකක් කරල තියෙන්නෙ. මේ වගේ කල්පනා කරල දෙයක් කරන්න පුලුවන් ටික දෙනෙකුට. ඒ වගේම එහෙම Test එකක් කරන්න දෙන්න හොදම යාළුවෙක් ඉන්නත් ඕන.

දැන් ප්‍රශ්නෙ ඔයාගෙ VGA එක. ඔයා Game එක ගහ ගහ ඉන්නකොට Load එක වැඩි වෙලා අවුලක් ගියා වෙන්න පුලුවන්. කෝකටත් මෙන්න මේ දේ කරල බලන්න.

Graphic card එකේ Heat sink එක ගලවල සුද්ද කරල අලුතෙන් Thermal paste දාන්න. Cooler master Thermal paste තියෙනව පොඩි එක රු 200ක් වගෙ වෙන්නෙ. වෙන ඒව දාන්න එපා.

Graphic card එක Heat වෙන නිසා Restart වෙනව කියල තමයි මෙතනදි හිතන්න තියෙන්නෙ. මේක කරල Update එකක් දෙන්න.

0
Topic starter

Thanks අයියෙ මම ඉක්මනට මේක try කරල comment එකක් දාන්නම්. මම ලග දැනට මේ photo එකේ තියෙන thermal pest එක තියෙනව ඒක දැමොත් අවුලක් වෙයිද මොකද මම ඉන්න පැත්තෙ cooler master වගේ හොඳ brand හොයාගන්න අමාරුයි මම ඉන්නෙ මොණරාගල 😞

0

හරි මේක දාන්න

0
Topic starter

හරි ගියේ නෑ අයියෙ display එක on වෙන්නෙම නෑ කලින් drives ගනන්න කලින් display එක on වුනා ඒත් දැන් drives නැතුවත්  chek signal cable කියල වැටිල තියෙනව. (හැබැයි අර auto restart වෙන එකනම් හරි ගිහිල්ලද කොහෙද.) වෙන දවස් වල onboard graphics වලින් pc එක on කරන්න vga card එක ගලවන්න වුනා display on වෙන්නෙ නැති නිසා හැබැයි දැන් vga card එක motherboard එකට ගහල තියෙද්දිත් motherboard එකේ vga post එකට vga cable එක connect කරාම display එක on වෙනව🤔😞vga එක පිච්චිලාද? ඒත් fan එහෙම හොඳටම වැඩ😞

0
Topic starter

Vga card repair කරන කට්ටිය කවුරුහරි ඉන්නවද???😞

Share: