Notifications
Clear all

Triple Monitor Setup එකක් Config කරද්දී සැලකිලිමත් වෙන්න ඕන මොනවද?

2 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

මට දැනගන්න ඕන මම 3 monitors setup එකක් කරොත් ඒකට තෝරගන්න අවශ්‍ය GPU එක ගැන අයිඩියා එකක්.

දැනට මගේ අදහස මේ setup එකේදී තෝරගන්න එකම model එකේ monitors තුනක් තමයි මම තෝරන් ඉන්නේ ( සැ.යු :- මම ගන්න GPU, Monitors ඔක්කොම 2nd hand, ශුවර් ඒවා තමයි ගන්නේ )

දැනගන්න ඕන සරලම කාරනේ තමයි මං තෝරන් ඉන්නවා දැනට Nvidea GPU ටිකක්, ( MSI GTX 960 2GB OC / Gigabyte GTX 760 OC 3 Fans ) දැනට මේ දෙක. මේ දෙකේම DVI-I ports / Display Ports / HDMI තියෙනවා අවශ්‍ය ගානට. මං මේ දෙකෙන් එකක් අරන් ඒ ports වලට අවශ්‍ය cable හෝ නැති උනොතො හොඳ converters හරි පාවිච්චි කරන්න තමයි ඉන්නේ මං ගන්න ඉන්න monitors වල DVI / VGA සහ HDMI මේ ports තියෙනවා. ඉතිං connect කරගන්න එක නම් ප්‍රශ්‍යනක් නෑ... මට දැනගන්න ඕන මේ GPU 2න් මොකක් ගත්තත් මට ප්‍රශ්නය වෙන්නේ නැතුව පාවිච්චි කරගත හැකිවෙයිද monitors 3න එකට වැඩකරයි ද? Nvidea Surround සපෝට් නේද ඒකයි normally පාවිච්චි කරන එකෙයි වෙනස මොකද්ද?

මම ලොකුවටම gaming කරන්නේ නෑ. Games වල ලොකු fps ගනං, Ultra - high settings ගැන එහෙම, setup එක gaming නිසා හදන එකක් නෙමේ, ඒත් game එකක් උනත් normal play කරන්නත් ඕන.

~~~ Need Advices ~~~

2 Answers
0

මෙතනදි GPU එකේ තියෙන Port ගාන සහ ඒක එක වරකට Support කරන Display ගණන ගැන සැලකිලිමත් වෙන්න ඕන. Nvidia Surround හෝ AMD Radeon eyefinity කියන එක තියෙන්නෙ Gaming වලට. ඔයාට 1GB හෝ 2GB graphic card එකකින් 3 monitor 1080p Setup එකකින් Games ගහන්න නම් බැරිවෙයි.

ඔයා තෝරගෙන තියෙන GPU දෙකම එකවර Display 4ක් දක්වා Support කරනව. මෙතනදි Monitors 3ක් දාල Setup කරගන්න එක කිසිම ගැටළුවක් වෙන්නෙ නැහැ. පුලුවන් තරම් Converters නැතුව කෙලින්ම Connection දෙන්න බලන්න.

 

0
Topic starter

බොහොම ස්තූතියි රිප්ලයි එකට..

හරි එහෙම නම් මම GTX 960 එකේ 4GB card එකට ගියොත් හරි නැත්නම් Gaming කරන වෙලාවට අනිත් monitors දෙක off කරලා භාවිත නොකර ඉදියොත්? ප්‍රශ්නයක් නැතුව games play කරගන්න පුළුවන් වෙයි නේ? මට games වලදි නම් 3 monitors අවශ්‍යම නෑ 3 monitors ගන්නේ professional works වගේකට බ්‍රෝ මට අවශ්‍ය tanks කීපයක් මට එක වර maximize කරලා display 3න් බලන්නයි මං ගන්නේ.. නිකං ජොලියට වගේ game එකක් ප්ලේ කරද්දී අනිත් monitors 2ක් off කරලා 1080p එක monitor එකකිං play කරහැකිනේද.? ප්‍රශ්නයක් නෑනේ.

Share: