Notifications
Clear all

Total Available Graphics Memory

5 Posts
2 Users
0 Reactions
203 Views
0
Topic starter

Total available graphics තව කොටස් වලට බෙදල තියෙන්නෙ මොකද ? ඒවායින් gaming වලදි editing වලදි වෙන්නේ මොනවද ? (Dedicated video memory , video graphics memory , shared system memory )

5 Answers
0

Intel සහ AMD built-in/on-board graphics වල RAM එකෙන් කොටසක් භාවිතා වෙන්නේ vram විදිහට. ඒ කොටසට තමයි shared system memory කියන්නේ. එතැනදී dedicated memory කියන්නේ onboard graphics වලට අවම වශයෙන් වෙන් කරලා තියෙන vram ප්‍රමාණය.

Nvidia හෝ AMD graphic cards වල වෙනම memory/vram එකක් තියෙනවා, ram එකෙන් share වෙන්නේ නැහැ. එකට කියන්නෙත් dedicated vram memory කියලා.

0
Topic starter

Dedicated memory කියන්නේ අවම වශයෙන් දීලා තියෙන ප්‍රමාණය නම් dedicated memory එක වැඩි  නොකරොත් automatically shared memory එක අවශ්‍ය විදියට use වෙනවද ?

Dedicated memory එක default 128MB (Shared system memory near 4GB) තියෙන 8GB Ram Lap එකක dedicated memory එක වැඩි කරගන්නේ නැතුව gaming වලට සාමාන්‍යයෙන් හොඳ performance එකක් ගන්න පුළුවන්ද ?එහෙම වැඩි කරගන්න එක සාර්ථකද ? Total Available Graphics Memory වල ගානටම වැඩි කර ගන්න පුලුවන්ද? එතකොට වෙන්නෙ ram එකෙන් ඒ ටික අඩුවෙන එක විතරද ?

0

ඔයාගේ laptop එකේ built-in graphics වලින් vram විදිහට භාවිතා කරන්නේ ram එකේ කොටසක් නේ.

එතකොට 128mb dedicated කියන්නේ අවම 128mb වෙන් වෙලා තියෙනවා vram එකට. හැබැයි ඔයා පාවිච්චි කරන software/games වල අවශතවය අනුව auto තව වැඩිපුර vram එකට වෙන් වෙනවා. එහෙම ram ධාරිතාවෙන් බාගයක් දක්ව උපරිම වෙන් වෙනවා (ඔයාගේ ram 8gb නිසා උපරිම 4gb වෙන් වෙනවා).

මේ නිසා Dedicated memory size එක වැඩි කරට තේරුමක් නැහැ. Ram upgrade එකක් කරොත් නම් vram එකට වෙන් කරන්න පුළුවන් උපරිම ram ප්‍රමාණයක් වැඩි වෙනවා.

හැබැයි vram ප්‍රමාණය වෙනස් කරට performance වෙනස් වෙන්නේ නැහැ. Vram කියන්නේ graphics වල එක කොටසක් විතරයි, එක මත performance ගොඩක් බලපාන්නේ නැහැ.

Intel built-in graphics කියන්නේ ගොඩක් අඩු performance තියෙන graphic chip එකක්. ඒ නිසා එකට අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ.

0
Topic starter

එතකොට PC එකකට separate vga එකක් ගැහුවම (GTX 560) Game වලදි Use වෙන්නේ dedicated 1024MB විතරයි . Total Available Graphics Memory එක 5120MB වුණත් ඒක use වෙන්නේ නැත්තේ මොකද ? Onboard වලදී available graphics memory එක automatically dedicate වෙනවා වගෙ මෙතනදීත් use කරන්න  පුළුවන්ද ?

0

Separate graphic cards වල ඒ card එකේම memory chips තියෙනවා. GTX 560 එකේ 1gb memory එකක් තියෙන්නේ(1gb vram). ඒ 1gb විතරයි games/software වලට භාවිතා කරන්න පුලුවන්.

Built-in graphics වල වගේ ram එකෙන් share වෙන්නේ නැහැ.

Share: