Notifications
Clear all

Need VGA for Core i5 7th gen / Core i7 7th gen

1 Posts
2 Users
0 Reactions
183 Views
0
Topic starter

මම අලුත් Build එකක් කරන්න Asus H110M-CS Motherboard ඒකත් එක්ක Team Group Elite 8GB 2400Mhz Ram එකකුත් ගත්තා.

මේකට මම දාන්න හිතන් ඉන්නේ i5 7500 හෝ i7 7500 Processor එක.

AMD Radeon RX 580 8GB  එක හොදයිද?

දැනට අතේ 20000/-ක් විතර තියෙනව මේ ගානට මීට වඩා හොද එකක් තියෙනවද? මේ Build එකට හරියන වෙන Graphic Card මොනවද?

1 Answer
0

ඔයා ගන්න ඉන්න i7 7700 Processor එකට වඩා ගේමින් වලදි Brand new i3 9100f Processor එක වැඩි පෆෝමන්ස් එකක් දෙනවා.මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i7-7700-vs-Intel-Core-i3-9100F/3887vs4054

ඒත් Workstation වැඩ වලදි i7 එක පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නවා.

ඒ වගේම i3 9th gen ප්‍රොසෙසර් එක i5 7500 processor එකටවඩා හැම අතින්ම ඉස්සරහින් ඉන්නවා.මේ ලින්ක් එකට ගිහින් බලන්න.

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-7500-vs-Intel-Core-i3-9100F/3648vs4054

i3 9100f Processor එක Cores 4 ක එකක්.i5/i7 7th gen ප්‍රොසෙසර් දෙකේම තියෙන්නෙත් cores 4 ක්.

i3 9100f Processor එක රුපියල් 18500 වගේ වෙන්නෙ Brand New 3 years warrenty ත් එක්ක.ඒ නිසා ඊට වඩා වැඩි ගානක් වියදම් කරල නම් බාවිතා කරපු  warrenty එහෙම අඩු උඩ තියන ප්‍රොසෙසර් දෙකෙන් එකකට යන්න එපා.මේ ගානට වඩා අඩුවෙන් හොයා ගන්න ලැබුනොත් ප්‍රශ්නයක් නෑ.

ඒ වගේම ඔයා 9th gen i3 එකට ගියොත් H310 Motherboard එකකට යන්න වෙනවා.

ග්‍රැපික් කාඩ් එක ඔයා යූස් කරන්න හිතන් ඉන්නෙ මොන වගේ වැඩ වලටද?

ඔය Price එකට ගේමින් වලටනම් RX 580 හොද කාඩ් එකක්.සෑහෙන්න හොද පෆෝමන්ස් එකක් දෙනවා.ඒත් Premiere වගේ adobe softwear එක්ක වැඩියෙන්ම සපෝට් කරන්නෙ nvidia cards.ඔයා ගේමින් විතරයි නම් කරන්නෙ RX 580 එකට යන්න.වීඩියෝ එඩිටින් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවනම් GTX 1060 3GB කාඩ් එකට යන්න.

ඒ වගේම used items ගනිද්දි හොද warenty එකක් එක්ක ගන්න.පවර් සප්ලයි එක ගැනත් සැලකිලිමත් වෙන්න,unbranded එකකට යන්න එපා.

Share: