Notifications
Clear all

Intel build in graphic extend using ram

3 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

මගේ pc එකේ Intel Pentium G2020 2.9GHZ Motherboard එකක් තියෙන්නෙ. ඒකෙ Ram එකෙන් VRam එක extend කරහම system එකට ප්‍රශ්නයක් වෙනවද? Graphic card එකක් පිටින් enable කරන එකත් එක්ක මේ ක්‍රමයෙ තියන වෙනස මොකක්ද?

3 Answers
0

එහෙම කිරීම ප්‍රශ්නයක් නැහැ, හැබැයි ඕනිවට වඩා extended කිරීමට අවශ්‍ය නැහැ.

ඔයාගේ දැන් තියෙන්නේ ram එකෙන් 224MB අනිවරෙන් vram විදිහට වෙන් වෙනවා (dedicated memory). ඔයා run කරන software/game එකට අවශ්‍ය නම් පමණක් තව 875MB දක්වා automatically vram වලට වෙන් වෙනවා (shared memory).

ඔයාගේ PC එකේ intel graphics වලට සම්පූර්ණ 1gb vram එකක් ප්‍රමාණවත් වෙයි, ඒ නිසා එක තව වැඩි ක්‍රීමට අවශ්‍ය නැහැ

අපි පිටතින් ගහන graphic cards වල වෙනම memory chips එනවා vram වලට. ඒ නිසා ඒවලට ram එකෙන් කොටසක් වෙන් කරන්න අවශ්‍ය නැහැ.

0
Topic starter

මගේ තියෙන්නෙ 2GB Ram එකක්, උපරිමව Vram එක extend කරන්න පුලුවන් 1GB වෙනකන්. මම 4GB ram එකක් use කරොත් Vram එක game එකක් play කරන්න පුලුවන් විදිහට තව වැඩි කරගන්න පුළුවන් වෙයිද?

0

Ram එක upgrade කරොත් තව vram එක extend කරන්න පුළුවන්. 4gb ram එකකට උපරිම 2gb vram වලට වෙන් කරන්න පුළුවන්. හැබැයි vram වැඩිකිරීම ලොකු performance වෙනසක් වෙන්නේ නැති වෙයි.

Share: