Notifications
Clear all

Gtx1660 super 6g & gtx1070 8g

2 Posts
3 Users
0 Reactions
168 Views
0
Topic starter

Msi gtx

1660 super venture xs 6g oc & msi gtx 1070 Armor 8g oc මේ දෙකෙන් මොකද්ද හොද ම එක . Editing වලට

 

 

2 Answers
0

ඉස්සෙල්ලාම කියලා ඉන්න ඔනි video editing විතරක් කරනවා නම් එච්චර powerfull graphic card එකක් ඔනි නැ. 6/8 core cpu එකකට ඔයා තොරලා තියෙන gtx 1660 super වගෙ graphic card එකක් හොඳට ගැලපෙනවා.

GTX 1660 super සහ GTX 1070 අතර වෙනස බැලුවොත්,

Gaming සහ workstation(rendering,modeling) benchmarks බලද්දී සමහර එවල gtx 1660 super එක හොදයි, අනිත් එවල gtx 1070 එක හොදයි. Average එකක් විදිහට ගත්තාම graphic card දෙකම performance අතින් සමානයි. හැබැයි එ දෙක අතර වෙන වෙනස්කම් ටිකක් තියෙනවා.

GTX 1660 super

  • අලුත් graphic cards එකක්
  • අලුත් nvenc encoder එකක් තියෙනවා, මෙක වැඩිපුර වටින්නේ livestreamers ලට, මේකෙන් cpu h.264 fast preset එකට සමාන quality එකක් ගන්න පුලුවන්. මේකෙන් premiere pro වගෙ software දැනට වැඩක් ගන්නෙ නැ, හැබැයි Voukoder plugin එක හරහා nvenc encoder එක exporting වලට භාවිතා කරන්න පුලුවන්.
  • GTX 1070 එකට වඩා 25watts අඩුවෙන් power ඔනි, හැබැයි මෙක එච්චර ලොකු වෙනසක් නෙමෙයි.

GTX 1070

  • 8gb vram තියෙන නිසා games ගහද්දී 1440p,4K වගෙ ලොකු resolution වල සහ ultra texture දැම්මා විතරක්  සමහර games වල gtx 1660 super එකෙ 6gb vram එකට වඩා performance වැඩි, 1080p gaming වලදී 8gb vram එච්චර වැඩක් නැ.

Graphic card දෙකම performance සමාන නිසා ඔයා price සහ extra features මත තමයි තීරණයක් ගන්න වෙන්නේ,

GTX 1660 super අලුත් නිසා පරන වෙද්දී gtx 1070 එකට වඩා කාලයක් driver support තියෙයි, livestream කරනවා නම් nvenc encoder එක භාවිතා කරන්න පුලුවන්, පස්සෙ දවසක adobe ලා officially අලුත් nvenc encoder එක support කරොත් එකෙත් භාවිතා කරන්න පුලුවන්.

හැබැයි gtx 1070 used market එකෙ gtx 1660 super එකට වඩා අඩුවට නිසා gtx 1070 එකත් ගොඩක් හොදයි. ඔයා එ ඉතුරු කරගන්න සල්ලි ටික ram, cpu හො ssd upgrade එකකට පාවිච්චි කරන්න පුලුවන්.

මට මෙතනදී එකපාරටම හොඳ graphic card එක මොකක්ද කියලා ඔයා recommend කරන්න බැ දෙකම ගොඩක් සමාන නිසා, ඔයා හිතලා බලලා සුදුසු එකක් ගන්න.

 

0

ගොඩක් වැදගත් තොරතුරු සරල විදිහට දක්වල තියෙනව. මෙතනින් Editing වලට ගන්නවනම් Arcitecture එක අළුත් GTX 1660 එකට යන එක තමයි පැහැදිලි පිළිතුර වෙන්නෙ.

Share: