Notifications
Clear all

Gtx 980 vs Gtx 1650(s)

1 Posts
2 Users
0 Reactions
124 Views
0
Topic starter

පරණ GTX 980 කාඩ් එකට (ti නෙවේ) වඩා 1650 Super කාඩ් එකේ ගේමින් පෆෝමන්ස් වැඩියි.(YouTube Video අනුව)

නමුත් GTX 980 Card එකේ Cuda Cores 2048 තියනවා.1650 Super එකේ 1280 තියෙන්නෙ.මේ නිසා 980 කාඩ් එකේ වැඩිපුර හොදින්/වේගයෙන් Render කටයුතු කරන්න පුලුවන්ද?

1 Answer
0

Render වචන භාවිතා කරද්දී render කරන්නේ මොකක් ද කියලා හරියට කියන්න බලන්න, video එකක් render කරනවට වඩා 3d scene එකක් render කරන එක වෙනස්.

මේ gtx 980 සහ gtx 1650 super එක හරියටම compare කරන render performance test එකක් හොයාගන්න නැ. හැබැයි gtx 980, gtx 1650 සහ තව cards ගොඩක් compare කරන test එකක් මේ.

https://www.phoronix.com/scan.php?page=article&item=blender-281-optix&num=1

මෙකේ දී blender වල benchmarks කීපයකින් මේ cards වල cuda performance සන්සන්දනය කරලා තියෙනවා. මෙතනදී gtx 980 සහ gtx 1650 එක ටිකක් සම සමව යන්නේ performance.

හැබැයි ඔයා බලන්නේ gtx 1650 super එක gtx 1650 එකට වඩ 30-40% performance වැඩි නිසා අනිවාර්යයෙන්ම gtx 1650 super එක මේ benchmark වල gtx 980 එකට වඩා performance වැඩී. Blender 3d software එකක් උනාට මේ වගේ benchmark වලින් card එකේ overall cuda performance ගැන idea එකක් ගන්න පුලුවන්.

එ නිසා gaming වගේම render(cuda) performance දෙකෙන්ම gtx 1650 super එකේ performance වැඩී.

හැබැයි ඔයා video editing නම් කරන්නේ මේ gtx 1650 super vs gtx 980 දෙක අතර ලොකු වෙනසක් නැති වෙයි. මං කලින් post එකක කිව්වා වගේ video rendering වලට වැඩිපුර වැදගත් CPU performance, graphic card එකෙන් gpu-acceleration දෙන්නේ.

කොහොම උනත් gtx 1650 super card එක performance හොදය gaming සහ rendering වැඩ දෙකටම, එ වගේම gtx 1650 super එකේ power usage අඩුයි, තව ගොඩක් කල් updates එනවා, අලුත් nvenc encoder එකක් තියෙනවා වගේ වසී වැඩී.

******

Gtx 980 (maxwell architecture) වල තියෙන cuda core එකක් සහ gtx 1650s (turing) වල තියෙන cuda cores වෙනස්. Nvida ලා එක cuda core එකක තියෙන performance වැඩී කරනවා හැම generation එකේම. එ නිසයි gtx 1650s එකේ cuda cores අඩු උනාට performance වැඩී. ඔයාට cuda cores ගාන compare කරන්න පුලුවන් එකම generation එකේ තියෙන cards අතර විතරයී. අනෙක් වෙලාවට benchmarks බලන්න ඔනි performance ගැන දැන ගන්න.

තව graphic card performance එක cores මත විතරයී නෙමෙයි බලපාන්නේ. Vram එකේ speed එක (GDDR), clock speeds, rt & tensor cores (RTX card වල), shader units වගේ ගොඩක් දෙවල් බලපානවා.

 

Share: