Notifications
Clear all

Graphic Card Driver

2 Posts
3 Users
0 Reactions
157 Views
0
Topic starter

මම PC එකේ Gaming වගේම YouTube සදහා 1080p වීඩියෝස් Edit කරනව Adobe Premiere Pro වලින්.ඉතින් මම මේ දෙකෙන් මොන ඩ්‍රයිවර් එකද මගේ ග්‍රැපික් කාර්ඩ් එකට Install කරගන්න ඕන.(GTX 1660)

Game Ready Driver

Studio Driver

මෙතනදි Studio Driver එකේදි ගේමින් වල FPS වල යම් වෙනසක් වේවිද?

2 Answers
0

Game ready driver එකේ ප්‍රදානය වාසිය තියෙන්නෙ අලුත්ම AAA games අවාම එවලට performance optimize කරපු updates ඉක්මනින් එනවා game ready driver එකේ.

Studio driver එකේ ප්‍රදානය වසිය එකේ stability එක (crash වෙන්න සම්භාවිත අඩුයි). එ වගේම video editor, photo editors, 3d modeling වැනි creative software ටිකක් optimized වැඩී. මෙකට game optimizing updates එනන වෙලා යනවා.

එහෙම කියලා game ready driver වැඩිපුර crash වෙනවා නෙමෙයි. Graphic card driver නිසා crash වෙනන් තියෙන සම්භාවිත ගොඩක් අඩුයි, ගොඩක් වෙලාවට windows වල තියෙන වෙන ප්‍රශ්න නිසා අපේ computers crash වෙන්නේ.

හැබැයි පහල තියෙන benchmarks වල මේ දෙක අතර gaming performance වෙනස් නෑ.

එ වගේම creative software වලට පොඩි performance වාසියක් තියෙනවා studio driver වලට හැබැයි ගොඩක් සීමිත වෙනසක්.

එ නිසා මං ඔයාට recommend කර්නනේ game ready driver එක භාවිතා කරන්න, එතකොට අලුත්ම games වලට හොද performance එකක් ගන්න පුලුවන්. 1080p video editing වලට studio drivers වලින් එච්චර වැඩක් නැති වෙයි.

Studio drivers වටින්නේ ගොඩක් ලොකු studios වල දවසම වගේ creative softsoftware වල ගොඩක් ලොකු projects වලින් වැඩ කරන අයට. හැබැයි එයාලා ගොඩක් වෙලාවට quadro card පාවිච්චි කරන්නේ, එවලට එන්නේ වෙනම special drivers set එකක්.

ඔයගේ video editor එක crash වෙන අවුලක් තියෙනවා නම් විතරක් studio drivers වලට මාරු වෙලා බලන්න.

https://www.thefpsreview.com/2019/08/12/nvidia-studio-driver-vs-geforce-game-ready-driver-performance/

(මෙවා ටිකක් පරණ drivers, අලුත් drivers මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්)

 

0

Driver Crash වෙන්න තියෙන සම්භාවිතාව බොහොම අඩුයි නේද ? මම කාලයක් තිස්සේ Computer Use කරනවා Optional Drivers තමෛ මම PC එකට දාලා තියෙන්නේත් ඒත් කවදාවත් මට Driver Crash වීමකට එහෙම මුහුණ දෙන්න වෙලා නෑ. තව පොඩි ප්‍රශ්ණයක් තියෙනව WHQL නැතුව Optional Drivers දැම්ම කියලා ප්‍රශ්ණයක් නෑ නේද ? AMD PC එකක් තියෙන්නේ VGA එකයි CPU එකයි දෙකම AMD...............

Share: