Notifications
Clear all

Gigabyte GTX 1660 Super 6GB - Heating

9 Posts
5 Users
0 Reactions
166 Views
0
Topic starter

මම Gigabyte GTX 1660 Super 6GB VGA එකක් ගත්තා. 85 C ට වඩා රත් වෙනව. casing එකේ side panel එක ගැලෙව්වම 82 ට විතර අඩුවෙනව. හේතුව මොකක් වෙන්න පුලුවන්ද? youtube reviews ගොඩක් බැලුවා ඒ කිසිම එකක 72 ට එහා යන්නෙ නෑ.

intake 1 x 120mm තියෙන්නේ, ඒත් side panel එක ගැලෙව්වම මීට වඩා අඩුවෙන්න ඕනෙ නේද?

9 Answers
0

YouTube Review කරන අය ගොඩක් දුරට හොද air flow තියන Casing පාවිච්චි කරනවා.තව Brand එකෙන් Brand එකට heatsink/ fan තියන විදිය වෙනස් නිසා වගේම පොඩ්ඩක් OC කරන නිසා උශ්ණත්වය වෙනස් වෙනවා.85 C අව්ලක් නෑ 100% Load එකේදි.

exhaust fan එහෙම තියනවද?

0

ගොඩක් reviews වල graphic card එක test කරන්නේ 20-22 °C අතර AC කරපු කාමර වල සහ open air testbench (casing එකක් නැතුව). එ නිසා ලංකාවේ අපේ computers වල temperatures ඊට වඩා වැඩි වෙනවා.

ඔයාගේ case එකකේ පිටිපස්සට exhaust fan එකක් දැම්මොත් හොදයි ඇතුලේ තියෙන උණුසුම් වාතය එලියට අදින්න. (case එකේ side panel ගලවල photo එකක් එවන්න පුළුවන් නම් හොදයි)

Gigabyte Aorus engine එකෙන් graphic card fan curve එක manually වැඩි කරලත් temperatures ආඩු කරගන්න පුළුවන් වෙයි. 80 °C වලින් පහල gpu temperature තියාගන්න බලන්න.

0

ETHAKOTA 80 C WATA WADA WADI UNAMA GPU EKA PICHCENAWADA?

0

@dulan-shaminda නැ, එහෙම graphic cards පිච්චෙන්නනේ නැ.

Graphic cards වල temperature limit එකට ගියාම gpu එකේ clock speeds අඩු කරනවා එතනින් එහාට temperature වැඩ් වෙන එක නවත්තන්න (thermal throttling). Clock speed අඩු උනාම  gpu එකේ performance අඩු වෙනවා.

සාමාන්‍යයෙන් Nvidia cards වල temperature limit එක 83°c-87°c (මෙක පොඩ්ඩක් adjust කරන්න පුළුවන් msi afterburner වගෙ software වලින්). එ නිසයි මම කිව්වේ 80°c වලින් පහල වගෙ graphic card එක තියාගන්න කියලා, එතකොට performance අඩු විමක් (thermal throttling) වෙන්නෙ නැ.

0
Topic starter

Youtube විතරක් නෙමෙයි ලංකාවේ GTX 1660 කාඩ් තියෙන අයගෙනුත් අහල බැලුවා ඒ අයගේත් 75 වගේ තමයි උපරිම temp එක 100% Load එකේදි. msi afterburner එකෙන් temperature limit කලා එතකොට performance ටිකක් අඩුවෙනව.

0

Casing එකේ airflow එකට ටිකක් ඉඩ මදි වගේ.ඒකයි ටිකක් temp එක වැඩි වෙනව ඇත්තෙ.ඔයා ගේම් ගහන වෙලාවට වගේ  side panel එක ගලවන්න.එතකොට අව්ලක් නෑ.

එක එක්කෙනාගෙ Casing/ fan design එහෙම වෙනස්නෙ.ඒක බලපානව airflow ව්කට.තව ඉන්න දිස්ත්‍රික්කය එහෙමත් බලපානවා.රස්නෙ වැඩි පැති වල 2-3 C වැඩි වෙන්න පුලුවන්.තව 100% දෙන වෙලාව අනුවත් වෙනස් වෙනවා.(දවල් රස්නෙ වැඩියිනෙ.)

0

@mmadushanka ඔයාට try කරන්න පුළුවන් එක option එකක් තමයි GPU undervolting, හැබැයි ඔයා undervolting ගැන කියවලා බලලා හොදින් තේරුම් ගැන කරන්න ඕනි දෙයක්. (මේක හොද guide එකක් link, තව guides උත් බලන්න). ඔයා අවදානම් ගන්න කැමති නැත්නම් කරන්න එපා.

ඔයාගේ GPU full load යද්දී hard drive එකේ temp බලන්න, 45+c වගේ යනවා නම් harddrive එක casing එකේ උඩ bay එකට මාරු කරන්න(motherboard level එකේ තියෙන bay එකට).

0
Topic starter

Thanks මම Afterburner එකෙන් Fan curve manual හදල බැලුවා, එතකොට 75 c ට වගේ තියාගන්න පුලුවන් හැබැයි සයිඩ් පැනල් එක ගලවල තියන්න ඕනේ, හැබැයි ඉතින් ෆෑන් වල සද්දෙ ටිකක් වැඩී. GPU undervolting ටිකක් අවදානම් වගේ,VGA Durability එක කොහොම වෙයිද දන්නෑ, Guide link එකට ස්තූතියි 🙂 ඒකත් කරල බලන්න ඕනේ.

0
Quote from Manoj Madushanka on July 17, 2020, 10:54 pm

Thanks මම Afterburner එකෙන් Fan curve manual හදල බැලුවා, එතකොට 75 c ට වගේ තියාගන්න පුලුවන් හැබැයි සයිඩ් පැනල් එක ගලවල තියන්න ඕනේ, හැබැයි ඉතින් ෆෑන් වල සද්දෙ ටිකක් වැඩී. GPU undervolting ටිකක් අවදානම් වගේ,VGA Durability එක කොහොම වෙයිද දන්නෑ, Guide link එකට ස්තූතියි 🙂 ඒකත් කරල බලන්න ඕනේ.

casing upgrade එකකට යන්න බලන්න මොක්ද side panel එක ගැලෙව්වම ok කියන්නෙ ඇතුලෙ space එක මදි තව fans තියෙන ලොකු casing එකකට යන්න බලන්න

Share: