Direct X වලින් කරන්...
 
Notifications
Clear all

Direct X වලින් කරන්නෙ මොකක්ද?

2 Posts
2 Users
0 Reactions
97 Views
0
Topic starter

Graphics වල තිඑන  DirectX කියන්නෙ මොකක්ද?

 

2 Answers
0

direct X / OpenGL / Open CL / Mental / Vulkan කියල කියන්නෙ API වලට. Application programming interface වලට. Direct X කියන්නෙ microsoft සමාගමෙන් Multimedia පහසුකම් සදහා game / Video වලට වැඩිපුර boost එකක් දෙන්න හදපු තමන්ගෙ  Direct3D, DirectDraw, DirectMusic, DirectPlay, DirectSound  කියන API වල එකතුවට. මේකෙන් කරන ක්‍රියාව ටිකක් සංකීර්ණයි. සරලවම කිව්වොත් අපේ මෙහෙයුම් පද්ධතිය උඩ තමයි Software / games වැඩ කරන්නෙ. Software එකෙන් කියන දේ මෙහෙයුම් පද්ධතිය හරහා Computer එකට තේරෙන විදිහට (machine language) වලට හැරෙනව.

නමුත් Graphic, Audio වගේ දේවල් වලට වැඩි කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න පුලුවන් කෙලින්ම ඒ hardware කොටසත් එක්ක ගණුදෙනු කරන්න පුලුවන් නම්. මේකට තමයි Direct X වගේ API එකක් තියෙන්නෙ. මේ හරහා අපේ graphic card එකේ තියෙන එක එක features කෙලින්ම පාලනය කරන්න Game / software එකට පුලුවන්කම ලැබෙනව.

මේ නිසා game එකක graphic වලට එන විශේෂ දේවල් OS එකට කියල OS එකෙන් Graphic card එකට යනවට වඩා කෙටි කාලයකින් කරගන්න computer එකට පුලුවන් වෙනව.

අලුත්ම games වලදි Direct X වගේම Graphic drivers update කරන්න කියන්නෙ ඒ game වල තියෙන අලුත්ම Audio Visual features වලට අවශ්‍ය කරන අලුත්ම ගුණාංග මේ Driver එකේ සහ API එකේ තියෙන්න පුලුවන් නිසා. පරණ Direct X / Drivers වලින් චක්හ කරාම game එකේ performance අඩු වෙන්න පුලුවන්.

0
Topic starter

thanx උදව්වට

Share: