මොකක්ද හොදම GTX 108...
 
Notifications
Clear all

මොකක්ද හොදම GTX 1080 Ti 11GB card එක???

2 Posts
2 Users
0 Reactions
198 Views
0
Topic starter

දැනට ලංකාවේ වෙළදපොලෙන් brands  4 කින් වගේ GTX 1080 Ti 11GB card එකක් ගන්න පුළුවන්. Lumion 8 3D rendering වලට තමයි මම මේ card එක target කරන්නේ. Lumion ඉස්සරහට එන new version ගැනත් හිතල මට හොදම selection එකක් කරලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

 

සමහරක් brands වල GTX 1080 Ti 11GB cards දෙකක් හදුන්වදිලා තියනව. preference වලදී ඒවගේ ලොකු වෙනසක් බලපෑමක් තියනවද කියලත් දැනගනන් කැමතියි.

 

මිලෙන් වැඩි   card එක Gigabyte ලගේ 199,500 වෙනවා වගේම මිලෙන් අඩුම card එක MSI ලගේ 155,000 වෙනවා. මම මේ rates ගත්තේ redline website එකෙන්. ඉතින් මට card එක තෝරාගන්න ඕනි ඉදිරිය ගැනත් හිතල, අඩුම card එකේ ඉදන් වැඩිම card එක අතර වෙනස 45000/- වගේ. මම දැනට හිතාගෙන ඉන්නේ Asus වලට යන්න. මගේ තෝරාගැනීම හරිද, නැතිනම් ඊට වඩා හොදම විකල්පය මොකද කියලත් කියන්න.

මට මේවගේ high settings වලින් animation rendering කරන්න ඔනිකමක් තියනව. (4K ) - https://www.youtube.com/watch?v=qsMha0loOGQ

 

Gigabyte Graphics Cards

Gigabyte Geforce GTX 1080Ti Aorus Xtreme 11GB GDDR5X  199,500.00

 

Gigabyte Geforce GTX 1080Ti Aorus 11GB GDDR5X  175,000.00

(මෙ දෙකේ වෙනස මොකද? )

 

Asus Graphics Cards

Asus Geforce GTX 1080Ti Strix 11GB GDDR5X  195,000.00

 

Palit Graphics Cards

Palit Geforce GTX 1080Ti GameRock 11GB GDDR5X   175,000.00

Palit Geforce GTX 1080Ti SuperJetstream 11GB GDDR5X  165,000.00

(මෙ දෙකේ වෙනස මොකද? )

MSI Graphics Cards

MSI Geforce GTX 1080Ti GAMING X 11GB GDDR5X   165,000.00

 

MSI Geforce GTX 1080Ti Armor OC 11GB GDDR5X  155,000.00

(මෙ දෙකේ වෙනස මොකද? )

 

Thanks.

2 Answers
0

GTX 1080Ti මොන brand එකෙන් මොන model එක ගත්තත් තියෙන්නේ එකම chipset එක. ඉතින් ගොඩක් දුරට performance සමානයි. පොඩි පොඩි වෙනස්‌කම් තියෙන්නේ cooler එකේ සහ base clocks වල විතරයි. Boost clock එකත් තිරණය වෙන්නේ cooler එක අනුව.

ඔය තියෙන cards ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ Cooler එක අනුව.

Palit Super Jetstream, Gigabyte Aorus/G1, MSI Gaming X, Asus Strix කියන්නේ ඒ ඒ brand වල standard high performance cooler එක. හැම එකම ගොඩක් දුරට සමානයි.

Palit GameRock, Gigabyte Extreme, MSI Lightning/Titanium, Asus ROG කියන්නේ මේ brands වල high end cooling solutions. සාමාන්‍යයෙන් fans හෝ heat pipes ප්‍රමාණය වැඩි. Cooling හොඳ වීම නිසා boost clocks සාමාන්‍යයෙන් වැඩි.

Palit Dual, Gigabyte Windforce, MSI Armor, Asus Cerberus වගේ ඒවා basic cooler එක්ක එන ඒවා. Cards වල අවුලක් නැති වුණාට cooling performance tikak අඩුයි.

Lumion වගේ ටිකක් වෙලා renders දාලා තියෙන high end system එකකට අපි සාමාන්‍යයෙන් basic coolers recommend කරන්නේ නැහැ. Price and reliability එකත් එක්ක අපි සාමාන්‍යයෙන් recommend කරන හොඳම option එක Palit Super Jetstream card එක.

0
Topic starter

Hi Redline Technologies

ඉතාම සිත්ගන්නා  සුළුයි, මම බලාපොරොත්තු උනේ නැ  ඔයාලගෙන්ම මේකට පිළිතුරක් ලැබෙයි කියල. පිළිතුර හොදටම පැහැදිලියි සහ හැකි ඉක්මනින්ම මම ඔයාලව සම්බන්ද කරගන්නම් card එක මිලදීගන්න.

Thank you. 🙂

Share: