Press ESC to close

Cisco හි සේවකයින් දහස් ගණනක් සේවයෙන් ඉවතට ?

එක්සත් ජනපදයේ තාක්ෂණික දැවැන්තයෙකු වන Cisco සමාගම දෙවන වරටත් සේවක කප්පාදුවක් කිරීමට සැරසෙන බව වාර්තා වේ.ඔවුන් ගිය අගෝස්තු මාස ප්‍රකාශ කර තිබුනේ තම සේවක සංඛ්‍යාව 7% කින් හෝ සේවකයින් 5600 කින් පමණ අඩුකරන බවය.මීට පෙරද ඔවුන් සේවක කප්පාදුවක් සිදුකර තිබුනි.

මෙලෙස සේවක කප්පාදුවකින් ඔවුන් බලාපොරොත්තු වනුයේ සමාගමේ මූල්‍ය වර්ධන ක්ෂේත්‍රයේ වැඩි දියුණුව යි.එසේම මූල්‍ය සාර්ථකත්වය මගින් තරගකාරී වෙළදපලෙහි ප්‍රමුඛස්ථානයක් ගැනීමද ඔවුන්ගේ තව අරමුණකි.තවද මෙම සේවක කප්පාදුවට අදාළ සේවක ලයිස්තුව මේවන තෙක් ප්‍රසිද්ධ කිරීම සමාගම ප්‍රතික්ෂේප කරතිබේ.සමාගමේ සේවකයින් මේ වන විට දැඩි පීඩනයකින් යුතුව සේවයේ නියැලෙන බවද වැඩි දුරටත් වාර්තා වේ.මෙම සේවක කප්පාදුව මගින් සමාගමේ බුද්ධි සහ ආරක්ෂක අංශය වන Talos Security වෙතද බලපෑම් එල්ලවිය හැකි බව තාක්ෂණික විශේෂඥයින් අනතුරු අගවයි.

Get Your Site Up with A2 Hosting
Talos Security-Cisco

Minidu Shashimal Aluthge

Tech Enthusiast Author  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *