Press ESC to close

ළගදීම නිකුත් වෙන Call of Duty Black Ops 6 Multiplayer

Call Of Duty සංවර්ධනය කරන Activision සමාගමෙන් COD වලට singleplayer සහ multiplayer ක්‍රීඩා රැසක් හදුන්වා දුන්නා. මුලින් singleplayer ක්‍රීඩා ලෙස පමනක් තිබුනු COD පසුව Warzone වැනි ක්‍රීඩා සමග multiplayer ක්‍රීඩා කිරීමට හැකි ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්වුනා.

කෙසේනමුත් පසුගිය මාසයකදි Activision සමාගම ප්‍රකාශ කර තිබුනෙ ඉදිරියට එන්න තියන COD multiplayer ක්‍රීඩා වල වෙනස්කම් කිහිපයක්ම සිදුවෙන බවයි. එම ප්‍රකාශයෙන් පසුව විවිධ කටකතා අලුතෙන් නිකුත් වෙන COD ක්‍රීඩාව ගැන තිබුනත් නිළ වශයෙන් මේ පිලිබදව තොරතුරු දැනගන්න ලැබෙන්නෙ පසුගිය දිනක Activision සමාගමෙන් නිකුත් කර තිබුනු COD Black Ops 6 multiplayer reveal trailer එකත් සමගයි.

Get Your Site Up with A2 Hosting

මේ trailer එකට අනුව අපිට අලුත් Black Ops 6 multiplayer විශේෂාංගයෙන් Omni-movement mechanics දැකගන්න ලැබෙනවා. මේ Omn-imovements මීටපෙර විවිධ ක්‍රීඩා වල දැකගන්න ලැබුනා. උදාහරනයක් විදියට ඔබ 2000 වසරවල ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් උනු Max Payne ක්‍රීඩා කර ඇත්නම් එහි මෙම Omni-movements දැකගන්න ලැබුනා.

මීට අමතරව අලුතෙන්ම හදුන්වාදෙන Multiplayer Maps 16ක් එක්කර තිබෙනවා. ඒවගේම අලුතෙන් Classic Prestige, Tomahawks සහ RC-XD වාහනත් එක්කර තිබෙනවා.

මේ අලුත් Black Ops 6 ක්‍රීඩාවේ beta test එක අගෝස්තු 30 වෙනිදා(අද) නිකුත් වෙනවා. දැනට මේ ක්‍රීඩාව Pre-order කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා. මෙය නිළ වශයෙන් නිකුත් වෙන්නෙ ඔක්තෝම්බර් 25 වෙනිදායි.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *