Press ESC to close

Brave සේවකයින් 27 ඉවත් කරයි !

Web Browser එකක් වන Brave අයත් සමාගම විසින් එහි දේපාර්තමේන්තුවල වැඩකටයුතු කළ සේවකයන් 27 දෙනෙකු සේවයෙන් ඉවත්කර ඇති බව වාර්තා වේ.මෙලෙස සේවකයින් ඉවත්කිරීම පිලිබදව Brave සමාගම තහවුරු කලත් එයට හේතුව හෝ එහි මුළු සේවක සංඛ්‍යාව හෝ ඔවුන් ප්‍රකාශ කර නොමැත.

කෙසේ වෙතත් PitchBook වෙබ් අඩවිය අනුමාන කරන්නෙ Brave හි සේවකයන් 191 පමණ සිටින බවත් එයින් 14%පමණ සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.මෙලෙස Brave සමාගම රැකියා කප්පාදුවක් සිදුකරන්නෙ 2022 ඔක්තෝම්බර් මාසයේදී එහි මුළු ශ්‍රම බලකායෙන් 9% ක් ඉවත් කර මාස 10කට පසුව වීමද විශේෂත්වයකි.එහිදී සමාගම ප්‍රකාශ කරේ “මෙම අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ පිරිවැය කළමණාකරනය කප්පාදුවට හේතු වූ බවයි.”

Get Your Site Up with A2 Hosting

Brave සමාගම මෙම වසරේදී සිය නිශ්පාදනයන් සමග Ai වෙත වඩාත් නැඹුරු විය.සමාගම Leo නම් Ai Chatbot කෙනෙකුද හදුන්වා දුන්නේය.එය Desktop, Android, iPad, iPhone ඇතුළු සියලුම උපාංග වෙත බෙදාහැරියේය.ඉන් පසු එය Brave Browser හි සෙවුම් ප්‍රථිඵල සමග ඒකාබද්ධ කරන ලදී.මෙලෙස Brave සමාගම Ai කේන්ද්‍ර කරගත් විශේෂාංග සංවර්ධනයට වැය කල පිරිවැය විස්තර කර නොමැති අතර , එම පිරිවැය මෙම සේවක කප්පාදුවට සම්බන්ධද නැද්ද යන්න පැහැදිලි නැත.

SourceTechCrunch

Minidu Shashimal Aluthge

Tech Enthusiast Author  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *