Press ESC to close

Steam වාර්තා බිදමින් ජනප්‍රිය වෙන Black Myth: Wukong

මීටපෙර ලිපියකින් අපි ඔබට Black Myth: Wukong පරිගණක ක්‍රීඩාව පිලිබදව වැඩිදුර විස්තර ගෙන ආවා. මේ ක්‍රීඩාව පරිගණක ක්‍රීඩකයන් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක් කියන්න පුලුවන්. එයට හොදම උදාහරණය තමයි මේ ක්‍රීඩාව නිකුත් කල පලමු දවසේම දවස අවසාන වෙන්නත් කලින්ම Steam තුල වැඩිම පිරිසක් ක්‍රීඩා කල ක්‍රීඩාව ලෙස Black Myth: Wukong වාර්තා අතරට එක්වුනා.

දැන් දැක්වෙන Steam නිළ වාර්තා වලට අනුව Black Myth ක්‍රීඩාව Palworld සහ Counter Strick 2 යන ක්‍රීඩාවන් වල වාර්තා බිදහෙලා තිබෙනවා. ඒවගේම PUBG ක්‍රීඩාවේ වැඩිම පිරිසක් ක්‍රීඩා කල ක්‍රීඩාව යන වාර්තාව පහුකරන්න ඉතාම ආසන්නයි.

Get Your Site Up with A2 Hosting

Steam තුල වැඩිම ක්‍රීඩකයන් පිරිසක් ක්‍රීඩා කල ක්‍රීඩාව ලෙස Black Myth දෙවන ස්තානයේ පසු වෙන්නෙ ක්‍රීඩකයන් 2,223,179ක පිරිසක් සමගයි. එහි පලමු ස්තානයේ පසුවෙන PUBG ක්‍රීඩාවේ එලෙස ක්‍රීඩකයන් 3,257,248 සිටිනවා.

මිලියනයක පමන පරතරයක් PUBG සහ Black Myth ක්‍රීඩාව අතර තිබුනත් Black Myth ක්‍රීඩාව තවමත් නිකුත් කර ගතවෙන්නෙ දිනයක් පමනයි. ඉක්මනින්ම මෙම වාර්තා බිදහෙලන්න Black Myth: Wukong ක්‍රීඩාව සමත් වෙනවා ඇති.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *