Press ESC to close

මීළග Apple Event එක පැවැත්වෙන දිනය නිවේදනය කරයි

Apple සමාගම විසින් ඔවුන් විසින් මීළගට පවත්වන්න සූදානම් වෙන Apple event එකෙ දිනය නිවේදනය කර තිබෙනව. මේ event එකේදි ඔවුන් මූලික වශයෙන් හදුන්වා දෙන්න සූදානම් වෙන්නෙ අලුත්ම iphone 16 series එකයි.

මේ event එක පවත්වන්න නියමිතව තියෙන්නෙ 2024 සැප්තැම්බර් 09 වෙනිදායි. ඔවුන් මේ event එක නම් කරල තියෙන්නෙ ” It’s Glowtime “ ලෙසයි.

Get Your Site Up with A2 Hosting

සාමාන්‍ය පරිදි මෙවරත් මේ event එක Apple Park එකෙදියි පැවැත්වෙන්නෙ. ඒවගේම එය මාද්‍යවේදීන් සදහා ආරාධනා කර පවත්වන in-person event එකක් වෙන බවට වාර්තා වෙනවා.

අලුත්ම iphone 16 series එකට අමතරව මෙහිදී අලුත්ම AirPods, Apple watch service 10 සහ තවත් අලුත් නිශ්පාදන එලිදක්වන්න සූදානම් වෙලා සිටිනවා. මීට අමතරව iOS 18, iPadOS 18, macOS Sequoia සහ watchOS 11 නිකුත් වෙන දිනයන් පිලිබදවද නිවේදනය කිරීම මේ event එකේදී සිදුවෙනවා.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *