Press ESC to close

සියලුම ඇප් වල Dark Mode බාවිතා කිරීමේ හැකියාව

ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල තියන ප්‍රධාන customization වලින් එකක් වන්නෙ Dark mode පහසුකමයි. මෙය සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල දක්නට ලැබෙනවා. පරිශීලකයාගේ කැමැත්ත පරිදි ඔවුන්ට Dark mode හෝ සාමාන්‍ය ආකාරයට දුරකතනය බාවිතා කරන්න පුලුවන්.

Dark mode පහසුකම සදහා බොහොමයක් දුරකතන ඇප් සහය දැක්වූවත් සමහර ඇප් ඒ සදහා සහය දක්වන්නෙ නැහැ. ගූගල් සමාගමෙන් ඒ සදහා නව විශේෂාංගයක් එක්කරන්න සූදානම් වෙනවා. ඒ තමයි සියලුම ඇප් සදහා Dark mode එක සක්‍රීය කර බාවිතා කිරීමේ හැකියාව. මෙම ඔප්ශන් එක Make all apps dark ලෙස දක්වා තිබෙනවා.

Get Your Site Up with A2 Hosting

මෙම ඔප්ශන් එක Android 15 Beta සංවර්ධකයන් සදහා ඇති සංස්කරණයේ පමනයි තවමත් තිබෙන්නෙ. මෙම ඔප්ශන් එක සක්‍රීය කිරීමට කලයුත්තෙ Settings > Accessibility > Color and motion වෙතින් Make all apps dark ඔප්ශන් එක තේරීමයි.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *